Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

197 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට  

Add comments

තවත් ආදර්ශ ගම්මානයක් අද ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්වයි සැමට සෙවණ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය මෙහෙය වන්නේ. ඒ අනූව සූරියවැව – වැදිවැව ඉදිකළ 197 වැනි ආදර්ශ ගම්මානය අද විවෘත කරන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරි ආර් එම් පියතිස්ස මහතා ප‍්‍රකාශ කළේ.

කුරුණෑගල ගල්ගමුව ඉදිකළ 198 වන නව ආදර්ශ ගම්මානය අනිද්දා ජනතා අයිතියට පත්කරන බව ආර් එම් පියතිස්ස මහතා සඳහන් කළා. එමෙන්ම අනුරාධපුර – කලාවැව ඉදිකළ 199 වන ආදර්ශ ගම්මානය ලබන බ‍්‍රහස්පතින්දා ජනතා අයිතියට පත්කරන බවයි පියතිස්ස මහතා ප‍්‍රකාශ කළේ.

The post 197 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG