Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සාමාන්‍යාධිකාරී වැඩ භාර ගනී  

Add comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සාමාන්‍යාධිකාරී ලෙස එස් ඒ එන් ආර් සුබසිංහ මහතා අද උදෑසන වැඩ භාරගත්තා.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එස් ඒ එන් ආර් සුබසිංහ සිංහ මහතා වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිය ලබා තිබෙනවා. වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය ඇතුළුව ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයට අදාළ අධ්‍යයන කටයුතු රැසක් සිදුකර තිබෙනවා.

2002 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගණකාධිකාරී ලෙස ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස ද යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණක ලෙසද කටයුතු කර ඇති ඒ මහතා පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නිලධාරියෙකු වනවා. එමෙන්ම 2010 වර්ෂයේ සිට 2012 දක්වා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයා ලෙස ද 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යාශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස ද 2015 සිට මේ දක්වා රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබෙනවා.

දේශීය ණය හා සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ගණකාධිකාරීවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. අද දිනයේ එස් ඒ එන් ආර් සුබසිංහ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඉදිරියේ සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. ආයතනයේ ඉහල කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සාමාන්‍යාධිකාරී වැඩ භාර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG