Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෂැංග්‍රිලා බෝම්බකරු වසර 5 ක සිට ජේ ටී ජේ සමග සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වෙයි  

Add comments

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් සැකකරු 2014 වසරේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සක්‍රීය ලෙස සම්බන්ධවී සිට ඇති බව විමර්ශනවලදී හෙලිවී තිබෙනවා. මේ බව රහස් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා යන සැකකරු ඇතුළු අනෙකුත් සැකකරුවන් එඩේරමුල්ල සහ නින්දවූර් යන ප්‍රදේශවල වාසය කර ඇති බවත් නුවරඑළිය පිහිටි කදවුරකදී අවි ආයුද පුහුණුව ලබා ඇති බවටත් පොලීසිය අධිකරණය හමුවේ කියාසිටියා. සැකකරු අවසන්වරට පදිංචිව සිට ඇත්තේ කොළොන්නාව ජයන්ති මාවතේ නිවසක බවත් එහි තිබී සොයාගත් ලේඛන මගින් අනෙකුත් සැකකරුවන් පිළිබද සොයාගැනීමට හැකිවූ බවත් වැඩිදුරටත් දැනුම් දුන්නා. ප්‍රධාන සැකකරුගේ හිස පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව කියාසිටි පොලීසිය මරණ පරීක්ෂණය සදහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහි වැඩිදුර විමර්ශන ලබන මස 10 වනදාට වාර්තා කරන ලෙස අධිකරණය නියෝගකර සිටියා.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු  වන ඊබ්‍රහිම් ඉර්හාම් යන අයගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය සමඟ ඔහුගේ ශරීර කොටස් ගැලපේ ද යන්න පිලිබද ඩීඑන්ඒ පරික්ෂණයක් සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම බෝම්බකරු සමඟ රැදී සිටිමින් අවි පුහුණුව ලැබූ බව කියන මොහොමඩ් ෂයින් මොහොමඩ් රිස්වි යන අය රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා. ඔහුට අයත් බැංකු පරික්ෂා කිරීමට ඒ අනුව අධිකරණය පොලීසියට අවසර ලබා දුන්නා. හම්බන්තොට සිත්තිකුලම් ප්‍රදේශයේ ඔහු රැදී සිටි නිවසේ ආයුධ ගබඩාවක් තිබී ඇති බව කියූ  රහස් පොලීසිය මොහොමඩ් සහරාන්ගේ බිරිදගෙන් ලැබුන තොරතුර මත තවදුරටත් ප්‍රශ්න කරන බව කියා සිටියා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වාර්තාවක්  ලබන මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලීසියට නියෝග කෙරුණා.

 

The post ෂැංග්‍රිලා බෝම්බකරු වසර 5 ක සිට ජේ ටී ජේ සමග සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG