කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් සැකකරු 2014 වසරේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සක්‍රීය ලෙස සම්බන්ධවී සිට ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි රහස් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.
මොහොමඩ් අසාම් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා යන මෙම සැකකරු ඇතුළු අනෙකුත් සැකකරුවන් එඩේරමුල්ල සහ නින්දවූර් යන ප්‍රදේශවල වාසය කර ඇති බවත් නුවරඑළිය පිහිටි කඳවුරකදී අවි ආයුද පුහුණුව ලබා ඇති බවටත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියා. සැකකරු අවසන්වරට පදිංචිව සිට ඇත්තේ කොළොන්නාව ජයන්ති මාවතේ නිවසක බවත් එහි තිබී සොයාගත් ලේඛන මගින් අනෙකුත් සැකකරුවන් පිළිබඳ සොයාගැනීමට හැකිවූ බවත් වැඩිදුරටත් දැනුම් දුන්නා. ප්‍රධාන සැකකරුගේ හිස පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව කියා සිටි පොලීසිය මරණ පරීක්ෂණය සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහි වැඩිදුර විමර්ශන ලබන මස 10 වනදාට වාර්තා කරන ලෙස අධිකරණය නියෝගකර සිටියා.
The post කිංස්බරි බෝම්බය පුපුරවාගත් සැකකරු තව්හිද් ජමාත් සංවිධානයට සක්‍රීය ලෙස සම්බන්ධව සිටි බව හෙළි වෙයි appeared first on ITN News.
Post a Comment