චීනයට පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චීනයේ දකුණුදිග සහ මධ්‍යම ප්‍රදේශවලටයි ඉන් වැඩි බලපෑම් එල්ලවී තිබෙන්නේ. තවත් තුන්ලක්ෂ පනස්හය දහසකට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස නවදහස් තුන්සියයක් පමණ විනාශ වී ඇති බව සදහන්. හෙක්ටාර මිලියන 3.71 ගොවි බිම් විනාශ වී ඇති බවද එරට ආපදා කළමනාකරණ අංශය සදහන් කරනවා. ඉදිරි දින කිහිපයේදී ද වැසි තත්ත්වය තරමක් වැඩිවිය හැකි බවටද චීන කාලගුණ අංශ අනතුරු අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post චීනයේ ගංවතුරෙන් 61 ක් මරුට appeared first on ITN News.
Post a Comment