ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ පිපිරීම් තුනක් සිදුව තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රැගත් බස් රථයක පළමු පිපිරීම සිදුව ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.
එක් අයෙකු මියගිය බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා. පළමු පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයෙන්ම අනෙක් පිපිරීම් දෙක සිදුව ඇති බවයි කාබුල් පොලිස් ප‍්‍රධානියා සඳහන් කළේ. තුවාල ලැබූ දස දෙනෙකු ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
The post කාබුල් නුවර බෝම්බ පිපිරීම් තුනක් appeared first on ITN News.
Post a Comment