සවුදි අරාබියේ අබා ගුවන් තොටුපොලට හූති කැරලිකරුවන් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කළ තිබෙනවා. ඉන් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සදහන් කළේ.
ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තය අසලට ප‍්‍රහාරය එල්ල වුණා. ජාතින් කිහිපයකට අයත් පුද්ගලයන් තුවාල කරුවන් අතර වන බවයි ගුවන් තොටුපොල බලධාරින් ප‍්‍රකාශ කළේ. ප‍්‍රහාරය සදහා භාවිත කර ඇත්තේ කුමන වර්ගයක මිසයිලයක් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
එහෙත් හූති කැරලිකරුවන්ට අයත් මසිරා රූපවාහිනි නාලිකාව කෲස් මිසයිලයක් ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයට එල්ල කළ බව වාර්තා කර තිබෙනවා.
The post සවුදි අරාබියේ අබා ගුවන් තොටුපොලට හූති කැරලිකරුවන්ගෙන් මිසයිල ප‍්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment