අපනයන කෘෂිකර්මාන්තයට වැඩි අවධානයක් යොමුකරන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා. වස විසෙන් තොර වගාවට ගොවීන් යොමුකිරිම ද අරමුණක්.
කෘෂිකර්මාන්තයට අවශ්‍ය වැව් සංවර්ධනය සදහා ද විශාල මුදලක් වැයකර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ. පසු අස්වනු හානිය සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එය වලක්වාගැනීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව ද පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.
දරුවන්ගේ සෞඛ්‍යය තත්වය නගා සිටුවිම සදහා පාසල් ප‍්‍රාථමික අංශ දරුවන්ට පෝෂණ ආහාර ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ද ක‍්‍රියාත්මකයි. ඒ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින්. ලෝක ආහාර සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට සහාය දක්වන බව ද අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කලා.
The post අපනයන කෘෂිකර්මාන්තයට වැඩි අවධානයක් appeared first on ITN News.
Post a Comment