Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසරක් තුළ ගර්භනී භාවයට පත්වන කාන්තාවන්ගෙන් තුනෙන් එකක් සැළසුම් නොකළ පිළිසිඳ ගැනීම්  

Add comments

වසරක් තුළ ගර්භනී භාවයට පත්වන කාන්තාවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සැළසුම් නොකළ පිළිසිඳ ගැනීම් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසනවා.

සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම් විසදිය යුතු ගැටලු පිළිබද සංවාද සැසිය පසුගියදා කොළඹ  දී පැවැත්වුණා. වසරක දී ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් තුන්ලක්ෂ හැට දහසක් පමණ ගර්භනී භාවයට පත්වන අතර මින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම් බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම් අදාළ කාන්තාවට මෙන්ම බිහිවීමට සිටින දරුවන්ටත්,අනෙකුත් දරුවන්ටත් මෙන්ම සමස්ථ පවුලටත් ගැටලුකාරී තත්ත්වයක් බවයි වෛද්‍ය කපිල ජයරත්න මහතා පෙන්වා දුන්නේ.  ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් සියයට 35 ක ප්‍රමාණයක් පවුල් සැලසුම් ක්‍රමවේදයන් භාවිතා නොකරන බවත්, මාතෘ මරණවලින් සියයට  13 ක් අනාරක්ෂිත ගබ්සාවීම් බව ද මෙහිදී හෙළිදරවු වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව සංවිධානය කළ මෙම සංවාද සැසියේ අරමුණ වූයේ පවුල් සැලසුම් වටා නිර්මාණය වී තිබෙන මිත්‍යාවන් සහ දුර්මත දුරලීම සදහා වේදිකාවක් සකස් කිරීමයි. ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන්,ජනමාධ්‍යවේදීන්,සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post වසරක් තුළ ගර්භනී භාවයට පත්වන කාන්තාවන්ගෙන් තුනෙන් එකක් සැළසුම් නොකළ පිළිසිඳ ගැනීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG