යාපනය නුවර ඒ 9 මාර්ගයේ මැදවච්චිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. විදේශ ගතව සිට පැමිණි පුද්ගලයකු කටුනායක සිට රැගෙන යමින් සිටි පිරිසකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. තුවාල ලැබූවන් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
The post තිදෙනෙකුට මරු කැඳවූ මැදවච්චිය රිය අනතුර appeared first on ITN News.
Post a Comment