කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ජනතාව වෙත සමීප කරමින් ශ්‍රී ලාංකීය ජන බලය හසුරුවන ටෙලිවිෂන් ආවර්ණාධිපති ලෙස පත්වූ ITN මාධ්‍ය ජාලය මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජනතාව වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 2 වනදා ආරම්භ වන්නේ සිව් මහා දේවාලවල කප්සිටුවීමෙන් අනතුරුවයි. කප්සිටුවීමෙන් පසු පුරා දින 3 ක් සිව්මහා දේවාලයන් හි අභ්‍යන්තර පෙරහැර 5 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පළමු කුඹල් පෙරහැර ලබන 5 වනදා විථි සංචාරය කිරීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර ලබන මස 10 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි. දින 5 ක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහැර අවසන් වන්නේ අගෝස්තු 14 වනදායි. අගෝස්තු මස 15 වනදාට යෙදෙන සුබ මොහොතින් දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දළදා මාලිගයේ ඇසළ පෙරහැර අවසන් වීමට නියමිතයි.
සෙංකඩගල ඇසළ මංගල්‍යයේ අසිරිය ජනතාව වෙත සමීප කිරීමට ITN මාධ්‍ය ජාලය මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. අනභිභවනීය වැදගත්කම් රැසකින් හෙබි දළදා වහන්සේ මූලික කරගනිමින් කෙරෙන ඇසළ මහා පෙරහැර මංගල්‍යය හා බැදුණු ඓතිහාසික තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය සමග එක්ව අයිටිඑන් මාධ්‍ය ජාලය ඔස්සේ ගෙන ඒමට නියමිතයි.
දේශීය සංස්කෘතියට හා උරුමයට මුල්තැන දෙමින් කතරගම ඇසළ මංගල්‍යය හරෝ හරා නමින් ජනතාවට සජීවී ව සමීප කිරීමට අයිටීඑන් මාධ්‍ය ජාලයට හැකි වුණා. අවසන් මහා පෙරහර පැවති දිනයේ ලක්ෂ පහකට අධික ජනතාවක් කතරගමට පැමිණ සිටි අතර මෑත ඉතිහාසයේ ඉහළම මාධ්‍ය දායකත්වය ලබා දීමට ITNමාධ්‍ය ජාලයට හැකිවීම විශේෂත්වයක්.
දිවයිනේ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන එල් එම් ආර් බී වාර්තාවට අනුව පෙරහර මංගල්‍යය පැවති කාලසීමාව තුළ ITN මාධ්‍ය ජාලය ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබා ගැනීමට සමත්වුණා. ඒ අනෙකුත් සියලුම නාලිකා අභිබවා යමින්.

The post ටෙලිවිෂන් ආවරණාධිපති සෙංකඩගලට appeared first on ITN News.
Post a Comment