Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිබිදෙමු පොළොන්නරුවෙන් සඟ සතු වූ ව්‍යාපෘති  

Add comments

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

පොළොන්නරුව පලුගස්දමන විද්‍යාසාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. එහි ඉදිකළ අභිනව ධර්ම ශාලාව සහිත දෙමහල් සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුකෙරුණා. භික්‍ෂු අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකළ මෙම ධර්ම ශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 138ක්. අනතුරුව ජනාධිපතිතුමා පැළයක් රෝපණය කරමින් එම අවස්ථාව සනිටුහන් කළා.

මේ අතර තමන්කඩුව ශ්‍රී පූර්වාරාම වෙහෙරගොඩැල්ල විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා වෙත එහි විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කර ආශිර්වාදය පළ කළා. එහි දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතුකොට පූජා කිරීම සිදුකෙරුණේ ඉන් අනතුරුවයි. පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද,නැගෙනහිර යන පළාත්වල ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුන්‍යෝත්සවයේදී විහාරාධිපති ස්වාමීන්වහන්සේ ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබුවා. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලස්තිගම ශාක්‍ය බිම්බාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු නව දාන ශාලාව සඟ සතුකොට පූජා කිරීමේ පුන්‍යෝත්සවයට ජනාධිපතිතුමා එක්වුණේ ඉන් අනතුරුවයි. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා වෙත විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාදය පළ කළා. එමෙන්ම සේවාගම ගෞතම බෝධිරුක්ඛාරාමයේ ඉදි කළ නව දාන ශාලා ගොඩනැගිල්ල ද සඟ සතුකොට පුජා කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

 

The post පිබිදෙමු පොළොන්නරුවෙන් සඟ සතු වූ ව්‍යාපෘති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG