ප්‍රති අපනයනය සදහා ඇති පනත වහා වෙනස් කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
වැසි ජල අපවහන සහ පාරිසරික වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයක ඉදිකළ පාලම් සහ බෝක්කු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ. වැඩපිළිවෙල සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 300ක්.
කුණු කන්ටේනර මෙරටට ගෙන්වීම සදහා අවස්ථාව හිමිවූයේ පසුගිය රජය යටතේ 2013 වසරේ දී ගෙන ආ පනත මගින් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
The post ප්‍රති අපනයනය සදහා ඇති පනත වෙනස් කළ යුතුයි appeared first on ITN News.
Post a Comment