ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ කෝටා නගරය ජල ගැල්මට ගොදුරු වී තිබෙනවා. සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතින කාන්තාර ප‍්‍රදේශයක් වන මෙම ප‍්‍රදේශයට අධික වැසි ඇදහැළුනු බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කළේ.
ගංඟා කිහිපයක් පිටාර ගැලීමෙන් නිවාස ද යට වුණා. පවුල් රැසක සාමාජිකයන් ආරක්ෂිත ස්ථානවලට ඉවත් කළ බවයි රාජස්ථාන් ප‍්‍රාන්ත ආපදා ප‍්‍රතිචාර බළකාය පවසන්නේ. ජල ගැලීම් හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රදේශ රැසක ජනතාව තවමත් පීඩාවට පත්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
The post ජල ගැල්මෙන් ඉන්දියාවට තවමත් බලපැම් appeared first on ITN News.
Post a Comment