Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුහුණු-පේරාදෙණිය විශ්වවිද්‍යාලවල වැසුණු පීඨවල අධ්‍යයන කටයුතු යළි අරඹයි  

Add comments

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා. කළමණාකරන හා මූල්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු ද අද සිට ක‍්‍රියාත්මක බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ. එම පීඨයේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙනවා. එහි පළමු හා තුන් වන වසරවල අධ්‍යයන කටයුතු යළි ඇරඹීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දීමට නියමිතයි. රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ‍්‍රය පසුගියදා වසා දැමුණේ සිසුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයක් මතයි.

මේ අතර පසුගිය 19 වනදා වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ කටයුතු ද අද සිට ආරම්භ කර තිබෙනවා.

The post රුහුණු-පේරාදෙණිය විශ්වවිද්‍යාලවල වැසුණු පීඨවල අධ්‍යයන කටයුතු යළි අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG