මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 2 වනදා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙන්ම දෙරටටම බලපාන කලාපීය සහ ගෝලිය කටයුතු පිළිබද අදහස් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ලබන තුන්වනදා හා හතරවනදා මාලදිවයිනේ පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවටද අග්‍රාමාත්‍යවරයා සහභාගි වනවා. එහි සභාපතිත්වය දරන්නේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඉන්දිය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධාන කරන අතර මාලදිවයින් රජයේ හා සිංගප්පුරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබද එස් රාජරත්නම් විද්‍යාලයේ සහාය ද ලැබී තිබෙනවා.
The post අගමැති ලබන 2 වනදා මාලදිවයිනට appeared first on ITN News.
Post a Comment