පාකිස්ථාන කැබිනට් මණ්ඩලය තීරණාත්මක සාකච්ඡාවක නිරත වුණා. පාකිස්ථාන ගුවන් සීමාව ඉන්දියාවට සම්පූර්ණයෙන් තහනම් කිරිමට එහිදි අවධානය යොමුව තිබෙනවා.
ඉන්දු ඇෆ්ගනිස්ථාන ගොඩබිම් වෙළඳ මාර්ගයත් පවතින්නේ පාකිස්ථානය හරහා. එය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නීතිමය පසුබිම පිළිබඳව ද ඔවුන්ගේ අවදානය යොමු වුණා.
කාශ්මීරයේ දී එල්ල වූ ප‍්‍රහාරයක් හේතුවෙන් මීට පෙර පාකිස්ථානය සිය ගුවන් සීමාව ඉන්දියාවට තහනම් කළා. කෙසේ වෙතත් පසුව එය විවෘත කිරිමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරිමට ඉන්දියාව තීරණය කිරිමෙන් අනතුරුවයි දෙරට අතර මතභේදාත්මක තත්ත්වය යළි උත්සන්න වුණේ.
The post පාකිස්ථාන කැබිනට් මණ්ඩලය තීරණාත්මක සාකච්ඡාවක appeared first on ITN News.
Post a Comment