මාදම්පිටිය කනත්ත අසලදී දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පස්වරුවේ සිදුකළ වැටලීමකින්.
සැකකරුවන් වත්තල හුණුපිටිය ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයකින් පලායමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. ඝාතනය සදහා යොදාගත් ආයුධ සඟවා ඇති ස්ථානය සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.
ඊයේ (15) අත්අඩංගුවට ගත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් තුන්දෙනා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළා.
The post ආනමාලු රංග ඝාතනයේ 5ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment