40 වසරක චීන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ ඡායාරූප ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයයි එය සංවිධාන කර තිබුණේ.
කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශේෂ ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියා.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මහාචාර්ය සුරංග ද සිල්වා මහතායි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයිවාන්, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post 40 වසරක චීන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඡායාරූප ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයක් appeared first on ITN News.
Post a Comment