ශිල්ප සේනා දෙවන ප්‍රදර්ශනය පොළොන්නරුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ශිල්පසේනා තාක්ෂණික පළමු ප්‍රදර්ශනය කොළඹ දී පැවැත්වුණා. එහි දෙවැන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ. ඒ පිළිබද නිලධාරීන් දැනුවත් කිරීම කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ හා රාජ්‍ය අමාත්‍ය වසන්න සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම ප්‍රදර්ශනයට පාසල් සිසුන්ට, නව නිපැයුම් කරුවන්ට තාක්ෂණික නිර්මාණ කරුවන්ට හා අත්කම් නිර්මාණ ශීල්පීන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට ඉඩ කඩ සැලසෙනවා. ප්‍රදර්ශනය ලබන මස පැවැත්වීමටයි සැලසුම්කර තිබෙන්නේ.
The post ශිල්ප සේනා දෙවන ප්‍රදර්ශනය ලබන මස පොළොන්නරුවේදී appeared first on ITN News.
Post a Comment