Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විද්‍යාත්මක ප්‍රකාශණයන් සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල කොළඹදී  

Add comments

විද්‍යාත්මක ප්‍රකාශණයන් සදහා වූ ජනාධිපති සම්මාන උළෙල අද  කොළඹදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

දේශීයව වැදගත්වන විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සදහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන විද්‍යාත්මක ප්‍රකාශණයන් සදහා වූ ජනාධිපති සම්මාන උළෙල පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී 2017 වසර තුළ වෛද්‍ය, කෘෂිකාර්මික, ඉංජිනේරුමය ක්ෂේත්‍ර යටතේ උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් 240 කට අධික පිරිසක් ඇගයීමට ලක් කෙරුණා. ජාතික පර්යේෂණ සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 12 වන වරටයි.

 

 

 

 

 

The post විද්‍යාත්මක ප්‍රකාශණයන් සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල කොළඹදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG