ඇමර්සන් ගිනි නිවීම සදහා ලෝකයේ විශාලතම ජලය ගෙන යන ගුවන් යානයද එක්ව සිටිනවා.
මේ වන විටත් ඇමර්සන් වැසි වනාන්තරයේ ගිනි නිවා දැමීමට හැකි වී නැහැ. ගින්න නිවා දැමීම සදහා ලොව විශාලතම ජලය ගෙන යන සුපර් ටැංකර් නම් ගුවන් යානයද එක් කර තිබෙනවා. එය ලබා දී ඇත්තේ බොලීවියාවයි. එන්ජින් හතරකින් යුතු මෙම ගුවන් යානයෙන් එක් වරකට ජලය ගැලුම් දහනව දහසක් ගිනි නිවීම සදහා භාවිත කළ හැකියි. මෙම ඇමර්සන් ගිනි හේතුවෙන් ඇමර්සන් වනාන්තරයේ ජීවත් වන ස්වදේශික ජනතාවද ජීවිත තර්ජනවලට මුහුණ පා ඇති බව සදහන්. ජී හත සමුළුවට සහභාගී වී සිටින ලෝක නායකයින් අද දිනයේ මෙම ගිනි නිවීම සදහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට ද සාකච්ඡා පවත්වා තිබෙනවා.
The post ලොවම බලා සිටින ගින්න නිවන්න ලොව විශාලතම ජල ප්‍රවාහන යානයත් appeared first on ITN News.
Post a Comment