Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේ  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති නිල නිවසේදියි.

අද පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරු කිහිපයක් වෙනස් කිරීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගි වූ එම පක්‍ෂයේ භාණ්ඩාගාරික එස් බී දිසානායක එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මධ්‍යම කාරක සභික ඩිලාන් පෙරේරා ,ආචාර්ය සරත් අමුණුගම, රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් සම්බන්ධයෙන් ද දේශපාලන තීන්දුවක් ගනු ඇති. එළඹෙන ජනාධිපතිවරණයේදී පක්‍ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගන්නා තීරණය පිළිබඳ මෙහිදී අවසන් එකඟතාවකට පැමිණිමට ද නියමිතයි. මධ්‍යම කාරක සභාවේ තොරතුරු වෙනත් අය අතට ලැබීම වැළැක්වීම සඳහා කිහිප දෙනෙකුටම මධ්‍යම කාරක සභාවට පැමිණීම අද තහනම් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මධ්‍යම කාරක සභාව වර්ජනය කිරීමේ සූදානමක් තිබෙන බවත් තමන් ද වර්ජනයට එක්වන බවයි එස් බී දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

 

 

The post නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG