තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකිවුණා.
උතුරුමැද නාවික විදානයට අයත් නාවික කණ්ඩායමක් සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙන්නේ. වෙරළේ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් මෙහිදී සොයා ගැණුනා.
ඒවා ඉදිරි විමර්ශන කටයුතු සදහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතයි. ඒ අනුව මෙම වසර තුළදී මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සහ රට තුළ තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් විසිනව දහස් නවයක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2397 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 452 ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.
The post අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment