රුපියල් බිලියන තුනක ආයෝජනයකින් ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව හෙට (17) විවෘත කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරුනු මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියර යටතේ මහින්ද්‍රා කේ යූ වී සියය එස්යූවී නමින් නවීන අංගෝපාංග සහිත රථයක් එකලස් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙමගින් සෘජු රැකියා අවස්ථා මෙන්ම වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවනවා.
මෙරට එකලස් කෙරෙන මහින්ද්‍රා කේ යූ වී සියය එස්යූවී රථයේ ආසන, බැටරිය ටයර් සහ එක්ස්හෝස්ට් පද්ධතිය මෙරට නිර්මාණය කෙරෙනවා. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව මගින් ඉදිරියේදී මහින්ද්‍රා විදුලි මෝටර් රථය, ඩීසල් ඩබල්කැබ් රථය, ස්කෝපියෝ ජීප් රථය මෙන්ම තවත් නිශ්පාදන රැසක් සිදු කෙරෙන බවයි අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලින් වෙල්ගම මහතා පවසන්නේ.
අක්කර 65 ක භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු මෙම කර්මාන්ත ශාලාව හෙට (17) විවෘත කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.
The post ලංකාවේ කර්මාන්ත ශාලාවකින් එන නවතම වාහනය appeared first on ITN News.
Post a Comment