ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණා. සංවාදය විනාඩි 20 කට ආසන්න කාලයක් පැවැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එහිදී කාෂ්මීරයේ අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුවුණා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට පෙර මෙම සාකච්ඡාව පැවැති බවයි ඇමරිකා වාර්තා සඳහන් කළේ.
සාකච්ඡා සාර්ථකව සිදුවූ බව පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාම් මෙහෙමුද් කුරේසි පවසනවා. කාෂ්මීරය සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට දෙරටේ නායකයන් එහිදී එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.
The post ට‍්‍රම්ප්ගෙන් ඉම්රාන් ඛාන්ට ඇමතුමක් appeared first on ITN News.
Post a Comment