මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
විනෝද චාරිකාවක නිරතව සිටි පිරිසක් මහියංගන මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මහවැලි ගඟේ මහ පාලම අසළදී දියනෑමට ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කෙරුණා. මියගිය දෙදෙනාගේ වයස අවුරුදු 17 ක් සහ 21 ක්. ඔවුන් මහනුවර වත්තේගම නුවරතැන්න පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
The post මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment