Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරිපුර රත්මල්කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ජනපති ප්‍රධානත්වයෙන්  

Add comments

සිරිපුර රත්මල්කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම අද (18) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිපුර රත්මල්කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියා. ඒ සඳහා මුදල් වෙන්කර තිබුණේ සසුනට අරුණ වැඩසටහන යටතේයි. ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 35ක්.

ප්‍රදේශවාසීන්ගේ හා දානපතීන්ගේ දායකත්වය මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මාස 6 ක කාලයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට නියමිතයි.

 

The post සිරිපුර රත්මල්කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ජනපති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG