23 වන යුධ හමුදාපතිවරයා ලෙස යුධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබෙනවා.
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් පත්විම් ලිපිය ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.
කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ යුධ හමුදාවට බැඳුණු මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදින් මෙරටින් තුරන් කිරිම සදහා දියත් කෙරුණු මානුෂීය මෙහෙයුමේදි 58වන සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළා.
The post නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා appeared first on ITN News.
Post a Comment