කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථවලට පහරදුන් බවට සැක පිට තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම මන්නාරම මාර්ගයේදී ඊයේ අළුයම 1.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා. ටිපර් රථ තුනක් ගල්මුල් ප්‍රහාරයට ලක්ව තිබුණා. සිද්ධිය සැලවීමත් සමඟ ක්‍රියාත්මක වූ පුත්තල පොලිසියයි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත්තේ. කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ගෙන යන ටිපර් රථවලට මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙලෙස විරෝධය පළවී තිබුණා.
The post කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථවලට පහරදුන් බවට සැක පිට තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment