දියකාවා යුධ අභ්‍යාසයට සියල්ල සූදානම් බව යුධ හමුදාව ප‍්‍රකාශ කළා.
ලබන මස තුන් වනදා එය ආරම්භ වනවා. සහභාගී වන ත‍්‍රිවිධ හමුදා සෙබලුන්ගේ සංඛ්‍යාව දෙදහසක්. විදෙස් හමුදා සාමාජිකයන් සහ නිරික්ෂකයන් සියයක් ද ඊට එක්වන බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ඇමරිකාව, චීනය, ප‍්‍රංශය, ඉන්දියාව, බි‍්‍රතාන්‍යය ද ඊට අයත්. රුසියාව ද පළමු වරට මෙවර අභ්‍යාසයට එක්වනවා. අවසන් ප‍්‍රහාරාත්මක යුධ අභ්‍යාසය ත‍්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙසයි සිදුවන්නේ. හමුදා සාමාජිකයන් අතර අත්දැකීම් හුවමාරු කරගැනීමත් අරමුණක්. ඕනෑම හදිසි අවස්ථාවකදී භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමට ඉන් හැකියාව ලැබෙන බවයි යුධ හමුදාව පෙන්වා දෙන්නේ. සැළසුම් සකස් කිරිම, පූර්ව සූදානම, තාක්ෂණික භාවිතය , යුධ උපක‍්‍රම සහ විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරිම ඇතුළු කරුණු පිළිබඳවයි මෙවර අභ්‍යාසයේ දී අවධානය යොමු වන්නේ.
The post රුසියාවත් දියකාවා යුධ අභ්‍යාසයට appeared first on ITN News.
Post a Comment