Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන වසර සදහා පෙළපොත් බෙදා දීම නිල වශයෙන් අද ඇරඹේ  

Add comments

රජයේ සියලු පාසල්වලට සහ පිරිවෙන්වලට ලබන වසර සදහා පෙළපොත් බෙදා දීම නිල වශයෙන් අද ආරම්භ වනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

හෝමාගම පිටිපන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදී එම උත්සවය පැවැත්වෙනවා. මේ වසරේ අවසන් පාසල් නිවාඩුවට පෙර සියලු සිසුන්ට පෙළ පොත් ලබා දීමට නියමිත බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජයන්ත වික්‍රමනායක මහතා පවසනවා.

ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ද මීට සමගාමීව ගුරුවරුන්ට ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ. නොමිලේ පෙළපොත් ලබා දීම සදහා රජය මෙවර වැය කර ඇති මුදල රුපියල් කෝටි 416ක්.

The post ලබන වසර සදහා පෙළපොත් බෙදා දීම නිල වශයෙන් අද ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG