උතුරු පළාතේ මෙවර යළ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භකර තිබෙනවා. එම පළාතෙන් මෙවර වැඩි වී අස්වැන්නක් අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ.
උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, යාපනය, කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්වල මෙවර වැඩි වශයෙන් වී වගා කිරීමට ගොවීන් කටයුතු කළා. එම වගාවන්හි අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා.
වව්නියාව දිස්ත්‍රික්කයේ අක්කර 6300 ක වී වගා කෙරුන අතර ඉන් අපේක්ෂිත අස්වැන්න වී මෙට්‍රික් ටොන් දසදහස් තුන්සිය පනහක්. වන්නාරම, යාපනය, කිලිනොච්චිය හා මුලතින් දිස්ත්‍රික්වල ද යළ කන්නයේ වී අස්වැන්න නෙලීම සිදුකෙරෙමින් පවතින බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ.
The post උතුරු පළාතේ මෙවර යළ කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment