ජූනි,ජූලි සහ අගෝස්තු මාසවල පවතින නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ වැඩි වශයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමක් සිදුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
ඊයේ දිනය (15) වනවිට රටපුරා ඩෙංගු රෝගීන් 36,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ ලෙසම හඳුනාගත් මරණ 55 ක්ද වාර්තා වී ඇති බව ද අරුණ ජයසේකර මහතා පැවසීය.
බස්නාහිර පළාතේ කොළඹ,ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ගාල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශවලත් සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේත් ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර කෑගල්ල සහ මහනුවර යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සුළු වැඩිවීමක් වාර්තා වී තිබේ.
වැඩි වශයෙන්ම ඩෙංගු ව්‍යාප්තිය ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බවද අරුණ ජයසේකර මහතා පැවසීය.
The post ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යෑමේ අවධානමක් appeared first on ITN News.
Post a Comment