ලොව විශාලතම දූපත ලෙස සැලකෙන ආක්ටික් සාගරයේ පිහිටි ගී‍්‍රන්ලන්තය ව්‍යාපාර සඳහා පමණක් විවෘත වන බව විදේශ කටයුතු ඇමතිනි ඈන් ලෝන් බැගර් පවසනවා.
ගී‍්‍රන්ලන්තය මිලදී ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තම උපදේශකයන්ට උපදෙස් ලබාදුන් බවට වෝල් ස්ටී‍්‍රට් ජර්නල් සඟරාව මගින් හෙලිදරව් කර තිබුණා. එත් සමඟ මෙම අර්බුදය උද්ගතවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඩෙන්මාර්ක් යටතේ කි‍්‍රයාත්මක ගී‍්‍රන්ලන්තයේ පනස් හයදහසක ජනතාවක් ජීවත් වනවා. එය විකිණීමට කිසිදු අදහසක් නොමැති බවයි ගී‍්‍රන්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරිය ප‍්‍රකාශ කළේ.
The post ව්‍යාපාර සඳහා පමණක් ගී‍්‍රන්ලන්තය විවෘත බව විදේශ ඇමතිගෙන් ප‍්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment