මෙරට ප්‍රථම සූර්යබල උත්පාදන නිවාස ව්‍යාපෘති දෙකෙහි කටයුතු ආරම්භ කර තිබෙනවා.
නෙදර්ලන්ත රජයේ ආධාර මත මුලතිව් හා හම්බන්තොට දිස්ත්‍රික් දෙකෙහි මෙම නිවාස ව්‍යාපෘති දෙක ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඉදිකෙරෙන එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 25 ක්. එක් නිවසකින් මාසිකව කිලෝවොට් විස්සක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම රජයේ අරමුණයි. ඉන් ඒකක අනූවක් නිවාසලාභියාට හිමිකර දීමට ද සැලසුම් කර තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස 175 ක් ඉදිකෙරෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කළමනාකරු විජිත කේ ගමගේ මහතා ප්‍රකාශ කළා. හම්බන්තොට නිවාස ව්‍යාපෘතියද එවැනිම ප්‍රතිලාභ ගෙනදෙමින් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
The post මෙරට ප්‍රථම සූර්යබල උත්පාදන නිවාස ව්‍යාපෘති දෙකෙහි කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment