අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට නොමිලේ රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේ තවත් අදියරක් වව්නියාවේදී ක්‍රියාවට නැංවුණා.
වව්නියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන් 1500 දෙනෙකුට මෙසේ නොමිලේ රියදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. විවිධ ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචි කෙරුණ ගම්මානවල සිංහල දෙමළ හා මුස්ලිම් තරුණ තරුණියන්ට මෙසේ රියදුරු බලපත්‍ර නොමිලේ ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ. වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල්වලින් මීට අවශ්‍ය මූල්‍යාධාර වෙන්කර ඇති අතර රියදුරු බලපත්‍ර ලබාදීමට අදාළ මූලික කටයුතු වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරෙනවා.
The post අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට නොමිලේ රියදුරු බලපත්‍ර ලබාදීමේ තවත් අදියරක් වව්නියාවේදී appeared first on ITN News.
Post a Comment