ජපානයට බලපෑ සුළි කුණාටුවෙන් පසු රටපුරා ගංගා 140ක් පිටාර ගලාගොස් තිබෙනවා.
ඒ අනූව ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටව ඇති බවයි එරට ආපදා අංශ සඳහන් කළේ. තවත් ගංගා 21ක ඉවුරු කැඩීගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. සුළි කුණාටුවෙන් 26 දෙනෙකු මියගොස් ඇති අතර, අතුරුදන් ගණන 19ක්. ටෝකියෝ අගනුවර ඇතුළු නගර රැසක ලක්ෂ සියයක පමණ පිරිසකට ඉවත් වන ලෙසයි ආපදා අංශ දැනුම් දී තිබෙන්නේ.
ඊයේ (13) දිනයේදී හැකෝන්, කනගාවා, ෂිසුඕකා ඇතුළු ප‍්‍රදේශවලට මිලිමීටර 760ත් 1001ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ජපාන කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.
The post ජපානයේ ගංගා 140ක් පිටාර ගලයි appeared first on ITN News.
Post a Comment