Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ රත්‍රං ඇති බවට පැහැදිලි සාක්‍ෂි මතුවෙයි  

Add comments

ශ්‍රී ලංකාවේ රත්‍රං ඇති බවට පැහැදිලි සාක්‍ෂි පවතින බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරික්‍ෂණ සක්‍රීය කිරීමටයි එම කාර්යාංශය පියවර ගෙන තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ ද රත්‍රං පැවති බවට පුරාවිද්‍යා පරික්‍ෂණ තුළින් සනාථ වී තිබෙනවා. රුවන්වැලි සෑය ඉදිකිරීම සඳහා සේරුවිල ප්‍රදේශයෙන් රත්‍රං ලබාගත් බව මහා වංශයේ සඳහන්. භූවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ පරික්‍ෂණවලදී සේරුවිල ප්‍රදේශයේ තඹ සහ යකඩ නිධි ඇති බවට සොයා ගත්තේ 1971 වසරේයි. ප්‍රංශ භූ විද්‍යා සමීක්‍ෂණ ආයතන සමග ඒකාබද්ධව සිදු කළ පරික්‍ෂණවලදී තඹ, යකඩ මෙන්ම රත්‍රං සහිත බහු ඛනිජ සම්පත් බහුල ලෙස සේරුවල ප්‍රදේශයේ ඇති බවට තහවුරු කර ගැනුණා. පසුව එම ප්‍රදේශයේ පැවති සිවිල් ගැටුම් හේතුවෙන් මෙම පර්යේෂණ නතර කෙරුණා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මෙම කටයුතු යළි ආරම්භ කර ඇති අතර එම ප්‍රදේශයේ පැහැදිලි ලෙසම රත්‍රං නිධි පවතින බවට තොරතුරු සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට එම කාර්යාංශය කටයුතු කළා.

 

 

The post ශ්‍රී ලංකාවේ රත්‍රං ඇති බවට පැහැදිලි සාක්‍ෂි මතුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG