Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝයිං මැක්ස් 737 ගුවන් යානා යළි සේවයට එක් කිිරිමට සැලසුම්  

Add comments

බෝයිං මැක්ස් 737 ගුවන් යානා යළි සේවයට එක් කිරිමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මතභේදයට තුඩුදුන් මැක්ස් 737 ගුවන් යානා පසුගිය මාස කිහිපයේ දි බොහෝ රටවල් තහනමට ලක්කළා. බෝයිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ඩැනීස් මියුලෙන්බර්ග් ප‍්‍රකාශ කළේ දෝෂයට ලක්වූ මෘදුකාංග යාවත්කාලීන කර මැක්ස් 737 යානයේ පුහුණු පියාසැරි 700 ක් මේ වන විට සම්පූර්ණ කර ඇති බවයිි.

මීට වසරකට පෙර ඉන්දුනිසියාවේදි සහ පසුගිය මාර්තු මාසයේ ඉතියෝපියාවේදිත් 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා කඩා වැටීමෙන් පුද්ගලයින් 346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. යානයේ දෝෂයක් බව හදුනා ගැනිමෙන් අනතුරුව රටවල් රැසක් එම යානා භාවිතය අත්හටුවිමට ගත් තීරණයත් සමඟ බෝයිං සමාගම දැඩි අර්බුදයකට ලක්වුණා.

The post බෝයිං මැක්ස් 737 ගුවන් යානා යළි සේවයට එක් කිිරිමට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG