ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය වන ආකාරයට වාහනවල අලවා ඇති ස්ටිකර් ඉවත්කිරිමට පියවර ගෙන තිබෙනවා.
පෞද්ගලික බස් රථ, ත‍්‍රිරෝද රථ ඇතුලු පෞද්ගලික වාහනවල අපේක්ෂකයන් සහ පක්ෂ ප‍්‍රවර්ධනය වන ලෙස සලකුණු ඡායාරූප ඇතුලත් ස්ටිකර් සහ කොඩි ප‍්‍රදර්ශනය කර ඇති බවට මැතිවරන කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබෙනවා. එය මැතිවරණ නීතිවලට අනුකුල නොවන බැවින් ඒවා වහාම ඉවත්කිරිමට කටයුතු කළ යුතු බවයි කොමිසම දැනුම් දෙන්නේ.
සෑම පොලිස් බල ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරික්ෂා කිරිම් සිදුකිරිමටද උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
The post අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය කරන ස්ටිකර් ඉවත්කිරීමේ වැඩපිලිවෙලක් appeared first on ITN News.
Post a Comment