බ්‍රසීලයේ සත්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බ්‍රසීලයේ ෆෝටලේසා නගරයේ පිහිටි නිවාස සංකීර්ණයකුයි මෙලෙස කඩා වැටී තිබෙන්නේ. අනතුරෙන් සුන්බුන් අතර සිටි පුද්ගලයින් හත් දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුම් අංශවලට හැකිව තිබෙනවා. තවත් දසදෙනෙකු පමණ සුන්බුන් අතර සිර වී සිටින බවයි ඔවුන් සදහන් කරන්නේ.
මෙම ගොඩනැගිල්ල වසර ගණනාවක් පැරණි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
The post බ්‍රසීලයේ සත්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment