Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝටර් රථ වැරදි සඳහා දඩ නියම කිරීමේ පත්‍රිකාව භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ  

Add comments

මෝටර් රථ වැරදි සඳහා නිකුත් කරන දඩ නියම කිරීමේ පත්‍රිකාව සිංහල , දෙමල සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් අදාළ අංශ සමඟ සිදු කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලක් ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කෙරුණා. 1951 වසරේදී හදුන්වා දුන් දඩ නියම කිරීමේ පත්‍රිකාව මේ වන තෙක් සටහන් වූයේ එක් භාෂාවකින් පමණයි. මේ හේතුවෙන් එය කියවීමේදී ඇතැම් පිරිසකට භාෂා ගැටළු මතු වුණා. එම ගැටළු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම නව දඩ නියම කිරීමේ පත්‍රිකාවේ මාර්ග වැරදි අංකනය කර ඇති අතර එමගින් එම වරද තම භාෂාවෙන් තේරුම් ගැනීමට රියදුරන්ට හැකියාව පවතිනවා.

 

 

The post මෝටර් රථ වැරදි සඳහා දඩ නියම කිරීමේ පත්‍රිකාව භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG