Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හේමසිරිට සහ පූජිත්ට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන තීන්දුව අද  

Add comments

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකල පෙත්සම් 12 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) අවසර ලබාදුන්නා.

ඒ අනුව එම පෙත්සම් ජනවාරි 20 වනදා විභාගයට ගැනීමට දින නියම කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බැලූ බැල්මට පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව වගඋත්තරකරුවන්ට මීලග දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කෙරුණා. සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මගිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ.

The post හේමසිරිට සහ පූජිත්ට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන තීන්දුව අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG