Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය වර්ජනය අවසන්  

Add comments

වැඩවර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ජනාධිපති නිල නිවසේදී අද සිදුකෙරුණා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව  දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් වැටුප් කොමිසමේ සභාපතිවරයා මුණ ගැසුනා. එම සාකච්ඡාවලින් පසු වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ සිය වර්ජනය අත්හරින බවයි. හෙට දිනය වන විට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔවුන් පැවසුවා.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් හමුවූ අවස්ථාවේ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සියලු වෘත්තිකයින්ගේ වගකීමක් බවයි. මෙහිදී වැඩවර්ජනය අවසන් කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ජනාධිපතිතුමා තවදුරටත් කියාසිටියේ වැඩවර්ජනය අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සලකා බලමින් ඒවාට ලබා දිය හැකි විසඳුම් ලබා දීමට ජනපති ලෙස තම මැදිහත් වීම සිදු කරන බවයි. ඕනෑම ගැටලුවකට සාකච්ඡා මගින් විසඳුම් ලබා ගත හැකි අතර කිසිදු අවස්ථාවක ජනතාව පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපතිතුමා වැඩදුරටත් අවධාරණය කළා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් වැටුප් හා සේවක කොමිසමේ සභාපතිවරයා මුණ ගැසුණා. එම සාකච්ඡා සාර්ථක වූ බව වෘත්තීය සමිති නියෝජිතයින් මාධ්‍ය වෙත සඳහන් කළා. 

The post දුම්රිය වර්ජනය අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG