මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයින් නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වුණා.
ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර සජිත් ප්‍රේමදාස මහතා වෙත ආශිර්වාද පළ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ආගමික ආශිර්වාදය ලබා ගත්තා. ඒ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදීයි.
The post නාම යෝජනා භාර දීමෙන් අනතුරුව අපේක්‍ෂකයින් ආගමික වතාවත්වල නිරත වෙයි appeared first on ITN News.
Post a Comment