ඉක්වද්‍යෝර විරෝධතාකරුවන් එරට රජය සමඟ සාකච්ඡා වලට එකඟතාව පළකර තිබෙනවා. ඒ අනුව දෙපාර්ශවය අතර පළමු සාකච්ඡාව අද පැවැති බවයි එක්සත් ජාතීන්ගේ ඉක්වද්‍යෝර නියෝජිතයා පවසන්නේ.
ඉන්ධන මිල ඉහළ දැමීම මූලික කරගනිමින් විරෝධතා ආරම්භ වුණා. ඒවා පාලනය කිරීමට නොහැකි ප‍්‍රචණ්ඩකාරී තත්වයට පත්වීමත් සමඟ ඇදිරි නීතිය පැනවීමටයි ජනාධිපති ලෙනින් මොරෙනෝ තීරණය කළේ. සාකච්ඡාවලදී ජනාධිපතිවරයා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව සඳහන් කර තිබෙනවා. එහෙත් මිල අඩු කරන බවට නිශ්චිත ප‍්‍රකාශයක් සිදුකර නැහැ. විරෝධතා පාලනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට පොලිසියට සහ හමුදාවට නිකුත් කළ නියෝගය ද තවමත් බලාත්මකයි.
The post ඉක්වද්‍යෝර විරෝධතාකරුවන් රජය සමඟ සාකච්ඡා වලට එකඟවෙයි appeared first on ITN News.
Post a Comment