දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රියඅනතුරු සිදුවීම සැලකිල්ලට ගනිමින් ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරියයි තීරණයට එළඹුණේ. තහනම් පුවරු සවිකර තිබුණ ද යතුරුපැදිකරුවන් තවදුරටත් ගුවන් පාලම භාවිත කිරීමට පුරුදුවී සිටින බවයි පොලීසිය පවසන්නේ. එය වහාම නවත්වන ලෙස යතුරුපැදිකරුවන්ට දැනුම් දෙනවා.
The post දෙහිවල ගුවන් පාලම යතුරුපැදි වලට තහනම් appeared first on ITN News.
Post a Comment