ජනතාවට හොද රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා.
පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකලා.මහේෂ් සේනානායක මහතා ජනහමුවට සහභාගී වීමට පෙර පොළොන්නරුව නගරයේ සංචාරයකට ද එක්වුණා. ජනතාව හමුවූ ඒ මහතා සුහද කතාබහක ද නිරතවුණා. අනතුරුවයි බුද්ධි මණ්ඩපයේ පැවැති ජන හමුවට ඒ මහතා සහභාගී වුණේ.
The post ජනතාවට හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවෙනවා appeared first on ITN News.
Post a Comment