Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

සේරු නුවර කිලිවෙඩ්ඩි පාලම අසළදී ටී 56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් ලද තොරතුරු අනුව පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී පුපුරනද්‍රව්‍ය සහ සැක සහිත උපකරණ රැසක් හමුවූ බවයි පොලීසිය පවසන්නේ.

අත්බෝම්බ පහක්, සී ෆෝ කුඩා ප‍්‍රමාණයක්, ටී 56 සජීව පතුරොම් 154 ක්, ඩෙටනේටර් 62 ක්, දුර විදන අර්ධ ස්වයංකි‍්‍රය රයිෆලයක් ඇතුලු භාණ්ඩ ඒ අතර තිබූ බව පොලීසිය ප‍්‍රකාශ කළා. වැඩිදුර විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ ඔහු හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු බවටයි. මෙම උපකරණ සොයාගත් නිවසේ පදිංචිව සිටි සැකකරුගේ බිරිඳ බව පවසන කාන්තාවක් සහ සහෝදරිය ලෙස හදුනාගත් කාන්තාවක් ද කිලිනොච්චිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG